සරා මීට පෙර ලිපියක් ලිපියක් ලියලා ඒකෙන් සිංහලයාට බෞද්ධයාට මහත් අවැඩක් සිදුවුනාය කියලා කලබැගෑනියක් ඇති උනා. සමහරු ලිපි පවා ලියලා ඒ ලිපිය තමන්ට හිතෙන විදිහට අර්ථදක්වමින්. ඒ පිළිබඳ සරාට කියන්න තියෙන දේ තමයි මේ. ඒ වගේම මේ සම්බන්ධව ලියවෙන අවසාන වචන කීපයයි මේ. තව දුරටත් මේ ගැන කතා කරන්නට මගේ අදහසක් නැත.
මම ඒ ලිපියේ පැහැදිලිව ලිවුවා ආගමික නීතියට අනුවය කියමින් අන්තවාදීන් බහුතරයක් (සෞදි මිනිසුන් ඇතුලුව) කරන මේ ක්‍රියා කුරාණයට (ආගමික නීතියට) අනුව වැරදිය ඒ නිසා දොස් කිවයුත්තේ ආගමට නොව අත්තනෝමතිකව ක්‍රියා කරන එවුන්ටය කියලා. ඒවගේම අපේ සීමාව ඉක්මවා දොස් දෙවොල් තැබීමෙන් සමස්ථ මුස්ලිම් වර්ගයා කෝපයට පත්වීමෙන් අනවශ්‍ය ගැටලුවක් ඇතිවීමේ ඉඩක් ඇතැයිද මම එහිදී කියන්නට යෙදුනා. ලිපිය කියවපු උදවිය හරි අපූරුවට එය තේරුම් ගෙන තිබුනා. ඒනිසාම සමහරු මම පන්දම් කාරයෙක් බත් බැලයෙක්ය යන වග නොකියා කියා තිබුනා. කෙසේ වුනත් මම ඒ ගැන තව දුරටත් කියන්න යන්නේ නෑ එහෙත් එයින් ඇතිකර තිබූ ගැටලු කීපයක් සඳහා පිලිතුරු සැපයෙන ලිපියයි මේ.
1 සරාට ඕන වුනේ කාගේ හරි ආගමකට හෝ ජන කොටසකට සුදුහුනු ගෑමටද...?
සරාට එහෙම කරන්න ඕන කමක් නැත. තමන්ගේ මහන්සියෙන් උපයා සපයා ගන්නා ඔහුගෙන් තවකෙකුට උදවුවක් ලැබෙනු විනා ඔහු කිසිවෙකුගෙන් උදවු ගන්නේවත් කාටවත් දත නියවන්නේවත් නැති. එබැවින් ඔහු ස්වාධීනයැයි ඔහු සිතා සිටියි. කිසිවෙකුටත් කඩේ යන්නේ නැතැයිද කඩේ යවන්නටත් බැරියැයි කියන්නේද ඒ නිසාවෙනි.
2 තවත් ලිපියකට අනුව චීවරධාරීන්ගේ වැරදි කීවේ මා සුචරිතවාදියෙකු හෝ සර්ව සාධාරන බව ලෝකයට පෙන්වීමට නොවේනම් මෝඩ කමටය.
වෙන්ඩ සුචරිතයක් මට තියෙන්න එපායෑ. මට ඒ ජාතියේ එකක් නෑ ආයිබොවන් ඒ නිසා ඒ චෝදනාවෙන් සරා නිදහස් ඕං. ඔය කිවුවට සරා සර්වසාධාරන එකෙකුත් වෙන්ඩබෑ. අසාධාරන වැඩ නොකලට මට අසධාරනයක් උන තැනදි මම ඒකට උත්තර දෙනවා මිස මගේ ක්‍රමය සාධාරනද අසාධාරනද කියලා බලන්නේ නෑ. අර මං දන්නේ නෑ තුමා නම් සරාගේ ලිපිය අපූරුවට විග්රහ/ විවේචන කරලා තිබුනා. ඔබට ස්තුතියි මං දන්නේ නෑ තුමා ඒකට. හැබැයි මට කියන්න තියෙන්නේ ඔබතුමා දන්නේ නෑම කියලා තමයි. මොකද ඔබට අනුව මම දෙපැත්තේම වැරදි තියෙනවයි කීවේ එක්කෝ මෝඩකමට නැත්නම් සර්ව සාධාරනයි කියලා ලොකෙට පෙන්නන්න. අපි කියමු ඕක පැහැදිලි මෝඩකම කියලා. මොකද මම කලිනුත් කිවුවා වගේ වෙලාවකට උන් හිටි තැනුත් අමතකවෙන මාලඟ ඔය සර්ව සාධාරනද මොකක්ද එක තියෙන්න විදිහක් ඇත්තේම නෑ. හැබැයි මහත්තයෝ මගේ මෝඩ මොලේට තේරුනා කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු ටික ටික තියෙනනිසා විවේචනය කරනවා නම් හැමෝවම විවේචනය කලයුතුයි කියලා. අනුන්ගේ ඇහේ තියෙන කුනු හොයන උඹලගේ/උඹගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැද්ද කියලා ගමේ වට්ටිඅම්මා කෙනෙකුටවත් අහන්න බෑනේ එතකොට මගෙන්. හැංගිලා හූ කියනවට කුනු බිත්තර ගහනවට වඩා හොඳයි වගේ නේද ඒක. අනික වගකීම ගන්නත් කෙනෙක් (ලියන්නා) ඉන්නවානේ. ඔබගේ නොදන්නා කමට නොවැටහුනාට මගේ ලිපියේ සාරාංශය නම් මේය........
1 අන්තවාදී මුස්ලිම් යැයි කියා ගන්නා සල්ලිකාර මෝඩයන්ගේ වරදට සමස්ථ ඉස්ලාමයට දොස්කීම වැරදි බව කීම.
2 සිදුවූ දෙය ආගමික නීතියට අනුකූල නැති බව සෞදිනොවන මුස්ලිම්වරු පිළිගන්න බව පැවසීම.
3 වැරදිය. ඒත් වරද පෙන්වා දිය යුත්තේ ඔවුන් කුපිත වන අයුරින් නොවන බව පැවසීම.
4 ලොකයේ ධනවත්ම හා බලවත් ජන කොට්ඨාශයක් සමඟ කලහකාරී අයුරින් කටයුතු කිරීම නුවනැති ක්‍රියාවක් නොවන බව පැවසීම
5 ඉහටත් උඩින් ප්‍රශ්න තියෙන අපට අප පමණක්ම නිසා කල්පනා කාරීව කටයුතු කලයුතු බව පැවසීම.
මේ කාරනා ටික ඔබ අපූරුවට තේරුම් අරං තිබුනු බව මට තේරුනා ඔබේ ලිපිය කියවූ පසුව ඉතින් මම ඒ ගැන තව දුරටත් කතා නොකර ඉන්නම්.
අර බුදුපිලිමය ලඟ තබා ගත් තරුනයා ගැන කතා නොකල එක ගැනත් චෝදනාවක් තිබුනා. අදාල සිද්දියයි මේ කතාවයි ගැලපෙන්නේ නැතත් මම මෙහෙම කියන්නම්. සෞදිය කියන්නේ බහුතරයක් මෝඩ හා නූගතුන් ඉන්නා රටක්. හරියට අතීතයේ උන්න ගෝත්‍රිකයින්ට මොවුන් දෙවෙනි වෙන්නේ මොවුන්ට මුදල් තිබෙන නිසා ඕනවටත් වඩා. ඉතින් අපට තියෙන ආර්ථික ගැටළු විසඳ ගන්න නම් මෙහි එන්නේ අපි දැන ගන්න ඕන මෙහි සිටිනා කාලය තුල අපේ ආරක්ෂාවට තර්ජනයක් වෙන කිසිවක් නොකර සිටීමට. මොකද අපි මෙහේ ආවේ අපේ උවමනාවන් ඉටුකරගන්න නිසා. අනික මෙහෙ එන්න කලින්ම අපට ලැබෙනවා මෙහි ජීවත් විය යුතු ආකාරය ගැන උපදෙස්. මෙහි සිටිනා කාලය තුලදි මොවුන්ගේ නීතිරීති උල්ලංඝනය නොවන අයුරින් හැසිරෙනවා කියලා ගිවිසුමකටත් අපි අත්සන් කරනවානේ. ඉතින් එහෙම එකේ ඔහු මොවුන් මහා අපරාධයක් විදිහට දකින යමක් ලඟ තබා ගැනීම, නැත්නම් මෙහි රැගෙන ඒම ගැන ඔහුත් දෙවරක් සිතිය යුතුව තිබුනා.
ඒකට මරණ දඬුවම සාධාරනද කියලා මගෙන් අහන්න එපා. මොකද මොවුන්ගේ ස්වභාවය මම උඩින්ම සඳහන් කලා. ඔහුට තිබුනේ මෙහි නෑවිත් ඉන්න කියලා නම් මට හිතෙනවා. ප්‍රථම වරට මැදපෙරදිග පැමිනෙන්නෙකුට වුවත් පුහුවේදී පවා වරින්වර මේ දේවල් කියාදෙනවා මතක්කරනවා. මම මොවුන් හරි කියනවා නොව අපේ අය මේ දඬුවම් වලට ලක් වෙන හේතු පැහැදිලි කරන්න උත්සාහ ගන්න බව ඔබලා තේරුම් ගත යුතුයි.
තව කාරනාවක් ඔබට කිව යුතුමයි. මෙහි පැමිනෙන සියලුදෙනාමත් අහිංසකයන් නොවන බවයි ඒ. මෙහෙට එන වැඩි පිරිසකට මෙහි පැමින ටික දිනකින්ම තමන් කවුද තමන් පැමිණියේ කුමණ අරමුනක් ඇතිවද යන්න අමතකව යනවා. ඊට පසුව ඔවුන් වැඩ කරන්නේ මවාගත් මනසකින් යුතුව, හරියට ස්වදේශිකයන්වගේ. මත්ද්‍රව්‍ය( ගංජා, හෂීස්, කසිප්පු) වගේ දේවල් ඔවුන් ලබා ගන්නේ/ගෙන්වා ගන්නේ අස්කරියෝ( පොලීසිය/ හමුදාව) ලවුව. ඒව පාවිච්චියෙන් පසුව සිංහයෝ වගේ තමයි හැසිරෙන්නෙත්. මේ මම ඇහැට දකින දේවල්. අස්කරියෝ තමන්ට සල්ලි ලැබෙන නිසා මේවා අපේ අයට සැපයුවට මෙයාලගේ පෝල්ට් එකකින් කොතන හරි ලීක් උනොත් බෙල්ල මුලින්ම හිර කරනවා අපේ උන්ව. ආයේ ඒකේ දෙකක් නෑ. මොකද හරි උනත් වැරදි උනත් ස්වදේශිකයන්ගේ කතාව මිස අපේ එකාලගේ කතා අහන්න පිළිගන්න මෙහෙ කවුරුවත් නෑ. එහෙම අය ඉන්න තැන් තමයි නිතර සෝදිසියටත් ලක් වෙන්නේ. දැන් කවුරුවත් මට චෝදනා කරන්න එපා අර තරුණයා වරදකාරයෙක් කරලා පිස්සු සෞදියන්ව හරි කියන්න මම තවත් කතාවක් අමුනන්න හදනවා කියලා. මෙහෙ එන හැමෝම හරි අහිංසකයි කියනැක 100% නිවැරදි නෑ කියන්නයි මම මේ කතාව කිවුවේ. මම මෙහේ හිටපු කාලය තුල මෙහි කිසිම කෙනෙකුගෙන්( රෙඩ්කැප්, අස්කරි, මුතවුවන්, රෝහල් පාලනාධිකාරිය) මට කරදරයක් හිරිහැරයක් සිදුවෙලා නෑ. එකම හේතුව මම කවුද මෙහෙ ආවේ මොකටද යන්න දැනගෙන මතක තබාගෙන කටයුතු කිරීම.
4 ප්‍රකෝප කාරීව අදහස් දක්වපු හුඟාක් අය බොහොම තරුණ උදවියනේ.අන්න ඒ අයට මේ කතාව කියන්නේ.
තරුණ ලේ රත්වෙනවා වැඩී. ආවේගශීලීයි. හැබැයි ඔවුන්ගේ අත්දැකීම් නම් අඩුයි. ක්ෂණික ප්‍රතිචාර දැක්වූවාට ඔවුන් ලඟ සාර්ථක පිලියම් නෑ ගොඩාක් ගැටළුවලට. ගොඩාක් වෙලාවට කරන්නේ ආවේගයෙන් කෑගහන එක. "අපිට උන් එහෙම කරනවානම් අපි මෙහෙම කරන්න ඕන. නැත්නම් උන් හිතන්නේ අපි බයේ කියලා." ඔන්න සටන් පාඨ කියන්න ගන්නවා. ඒත් යාලුවනේ මේ ආවේගය අපට ගැටළුවට උත්තර හොයන්න නම් උදවු කරන්නෑ කොහෙත්ම. අපිව තවත් ප්රශ්නය තුලම හිරකරනවා හැර. හැබැයි සමහරුනම් කියනවා මෙහෙම වෙලාවට නැති ආවේගය මොකටද කියලත්. මම එහෙම ප්‍රතිචාරත් දැක්කා. මම කියන්න කැමතියි මෙහෙම ආවේග බොහොම ටිකවෙලාවයි ඵල රහිතයි කියලා. (හරියට සෝඩා බෝතලයක් කැඩුවා වගේ) හැබෑවටම ගැටළුවක් ගැටුමක් ඇතිවුන තැන මේ අය හා මේ සටන් පාඨ හරියට හිරු දුටු කදෝපැණියන්ට සමාන කිරීමේ වරදක්නෑ. තිස් වසරකට ආසන්න කාලයක් යුද්ධයෙන් බැටකෑ මිනිසුන් සිටිනා රටක් මේක. යන්තම් යුද්ධය නිමාවී ගෙවුනේ වසර තුනක් පමණයි. අපිත් ආයේ අපේ "රැස්පොට්" එක පෙන්නන්න එයාලා කරන දේවල්ම කරන්න ගෙහුන් රට ආපහු අවුලකට යුද්දෙකට තල්ලුවුනොත්, ඔය තැන තැන කෑගහන කීදෙනෙක් ඒ වගකීම බාර ගනීවිද කියන ගැටළුවට කා ලඟ හරි උත්තර තියෙනවද..? හුඟාක් දෙනා තමන්ගේ නමින්වත් නෙමේනේ මේවා ලියන්නේ. සමහර සටන්පාඨ ඇනෝ. ඉතින් අවුලක් උන තැන එයාලව හොයන්න අංජනම් බැළුවත් බෑ. අපට එහෙම නොවෙනවා කියන්න කොහෙත්ම පුළුවන් කමක් නෑ, මොකද ලොවපුරා යුද ගැටුම් වල පෙරමුනේ ඉන්නේ අන්තවාදී මුස්ලිම්වරු නිසා.
අද මේ සටන් පාඨ කියමින් වීර චරිත වෙන්න හදන යාලුවනේ ඔබලා යුද්ධ දැක්කේ බාගෙට. හැබෑ යුද්ධය හොලිවුඩ් සිනමා පටයක් වගේ රසවත් නෑ. ඒකෙන් දෙපාර්ශවයටම හානි වෙනවා. ඔබ දුටු කොටස ඉතාම ටික නිසාත්,එයින් ඔබට සිදුවූ හානිය අවම නිසාත් තවම ඔබේ ලේ රත් වෙනවා වැඩී. හැබෑවටම යුද්ධය දුටුවන් හා යුද්ධට මුහුන දුන් අය ප්‍රකෝප කාරී ලෙස නොහැසිරෙන්නේ ඒ නිසයි. සමහරු නිහඬ පිලිවෙතක් අනුගමනය කරනවා. කියලා තේරුම් කරන්න බෑ කියලා හිතලා වෙන්නත් පිලිවන්. ඒ ඔවුන්ගේ කැමැත්ත නිසා මම ඒගැන කතා කරන්නේ නෑ.
5 හිරූ මගෙන් අපූරු ප්‍රශ්නයක් අහලා තිබුනා. අපි විතරක් තේරුම් ගැනීම ප්‍රමානවත්ද කියලා. ඒකට මගේ උත්තර මේ.
ඇති. අපි හරි ඇත්ත තේරුම් ගත්තම ඇති. අපිත් තාම තේරුම් නොගත් එකයි වරද. මුලින් අපි තේරුම් අරගෙන නවතිනවා. ඊලඟට ඔවුන් නවතීවිද බලන් ඉන්නවා. නවතින්නේ නැත්නම් ඔවුන්ට අපි ඒ බව කියනවා. ඒකට අපට ගොඩාක් ක්‍රම අනු ගමනය කල හැකී. ඒත් ප්‍රතිපලයක් නැත්නම් පමණයි මේ අය මේ දැන් අනුගමනය කරන ක්‍රියා මාර්ග ගත යුත්තේ. සෙරටම කලින් මහ වැඩේ කලහම බැරිම තැනදි කරන්න දෙයක් නැති වෙනවනේ. දවසක් මම දයා රෝහන මහත්මයගෙන් ඔය සමානම ප්‍රශ්නයක් ඇහුවා හිරූ.එතුමාගේ උත්තරේ උනේ මෙහෙම. ගැටුමක් ඇතිවෙන්න නම් අනිවාර්යයෙන්ම පාර්ශව දෙකක් ඕන. ඒවගේම කිසිම ගැටුමක එක පාර්ශවයක් 100% නිවැරදි වෙලා අනෙක් පාර්ශවය 100% වැරදි වෙන්නේ නෑ. එහෙමනම් පාර්ශ්ව දෙකම 50% ක් හරි වගේම 50%ක් වැරදී. පසු බහින්නේ දිනන්නනම් ඒකෙන් අවැඩක් වෙන්නේ නෑ කවදාවත්.
පොඩි කතා දෙකක් කියන්නම් හිරූ වැදගත්වෙයි කියලා හිතුන නිසා. මම ඉස්සර කළුසුදු රූපවාහිනී ගැන ඉගෙනගන්න කාලේ ඔය අරංගල පැත්තේ වාත්තු වැඩපොලක ( ඇළුමිනියම්) වැඩකලා. එක්තරා හේතුවකට මම එහෙ කොළුරෑනක් එක්ක රංඩුවක් වුනා. මගෙත් නාහෙට නාහන වයස නිසා දෙතුන් දෙනෙකුටම තනියම වග කියලා. සනීපෙන් මම නැවතිලා හිටපු තැනටත් (වැඩපොලට) ආවා. ඔතන බලාකියාගෙන හිටපු නෙල්සන් අයියා දකුනේ බුවෙක්. රට කාපු නීල අංපොල්ලෙක්. පොරගෙන් මම වගේ එවුන් හතරක් හදන්න පුළුවන් ගේමක් නැතුවම. අදාල කතන්දරේ පොරට කිවුවම පොර මට කිව්වේ මලය ටික දොහක් යනකම් උඹ මිහිඳු මාවත පැත්තෙන් ක්ලාස් පලයන් කියලා. ඒත් මම ඔහුගෙන් එහෙම උත්තරයක් බලාපොරොත්තු උනේ නෑ. ඒ නිස මම කිවුවා.......
මොනාද නෙල්සන් අයියේ මහලොකු ඇඟක් තිබුනට ඔයාට මට තරම් වත් "ගටක්" නෑනේ...!
හරි දැන් උඹ එහෙනම් මොනාද කරන්න හිතාගෙන ඉන්නේ...?
මොන කරන්නද පුරුදු විදිහටම මෙහෙන් යනවා...!
උන් ආයේ ගේමට අවොත්...?
ආයෙත් ගහනවා....!
හෙහ් හෙහ් හෙහ්...!
ඇයි ඔයා හිනාවෙන්නේ...?
උඹ හිතනවද දැන් උඹේ හැටිත් හොඳට දන්න උන් එදාවිදිහටම ආයි එයි කියලා... යකෝ උඹට කලින් මම ඕවා කලේ, මේ ගමන උන් එන්නේ උඹ වගේ දෙතුන් දෙනෙක් එක්ක උනත් ඔට්ටු වෙන්න බලාගෙන. මල්ලී තවම තරුණ වයසේ නිස පොඩි උපදේශයක් දෙන්නම් මම. අපට ගමකින් ගමකට ගිහින් ගහගෙන දිනන්න බෑ, හැබැයි ගහන්න වගේ ඉන්න පුළුවන්. ( ඔය ගමකින් ගමකට කියන තැනට ඔයාලට කැමති වචනයක් දාගන්න පුළුවන්. නගරං කාරයෙක් කිව්වට මොකද ඒක හුඟාක් තැන් වලට ගැලපෙන බව මට තේරෙනවා)
උඹ අහලා තියෙනවද අලිය ඇතාට බයයි ඇතාඅලියට බයයි කියල කතාවක්...?
හ්ම්...!
උඹ උඹේ තරම උන්ට නොපෙන්න ඉන්නතාක් උඹ ගැන උන්ගේ හිතේ බයක් තියෙනවා. හැබැයි උඹේ තරම දැනගත් දාට උන් ඊට වැඩි බලයක් උඹට විරුද්දව යොදාන්න ඉඩ තියෙනවා.
මේ අනිත් කතාව හිරූ.. ඒ 1983 අවුරුද්ද. ඔයා ඉපදෙන්නත් ටික දොහකට කලින්. ( එතකොට මට අවු:7-8 ක්විතර ඇති හිච්චි එකා. තේරුමක් නොදත්තා උනත් ඇහුනු දැකපු දේවල් හොඳින් මතක හිටියා. කාලයක් යනකම් තාත්තා අපිට කතන්දර කියාදෙත්දී මම හාර හාර අහැවුවෙම ඔය ගැන. පුංචි කාලේ ඒ දැකපු දේවල් මොනවද කියලා හරි හැටි තේරුම් ගත්තේ එහෙමයි. ඒව සුරංගනා කතා නොවුනේ මම දැකපු දේවල්ම නැවත විස්තර වීම නිසයි.)
යාපනය පැත්තේ සිදුවුනු සිදුවීමක් අරභයා රටේම මිනිස්සුන්ගේ ලේ රත්වුනා අවුරුද්දේ මැද හරියේදි. අවාසනාවට ඔවුන්ගේ රස්නේ වැදුනේ තමන්ගේම අසල්වැසියන්ට. යටියන්තොට රුවන්වැල්ල, අවිස්සාවේල්ල, පුවක්පිටිය, වග, තුම්මෝදර, පාදුක්ක වගේ පැතිවල සිංහලේ රත්වෙලා තිබුන විදිහ මම දැක්කා. එවකට අපි හිටියේ ඔය දුංකලහේන කියන ප්‍රදේශයේ සාමාන්‍ය ප්‍රමානයේ මැටි ගෙයක. ( එහෙට ආව විදිහවත් එවකට අපේ ආර්ථික මට්ටමවත් මේ කතාවට අදාල නැති නිසා මම ලියන්නේ නෑ.) අපි හිටපු අවට නෝනා වත්ත, ග්රෑන්ඩ්ෂීල්, පඤ්ඤාගුල, එල්ස්ටන්,වග වත්ත, අයර්වත්ත වගේ වතු තිබුනා. ආසන්න නගරවල අයගේ ලේ රත්වෙනකොට ඒ රස්නේ අපි හිටපු ගමටත් දැනිලා තිබුනා.( ඒ අපේ ගම නොවේය, අප එහි සිටියේ අවුරුද්දකටත් අඩු කාලයකි.) එක වැසි සහිත අඳුරු දවසක් ඒ. අපේ මිදුල කොනේ ඉඳන් කවුද මනුස්සයෙක් මහත්තයා මහත්තයා කියලා කත කරනවා ඇහිලා අපේ තාත්තා ලාම්පු කුප්පියත් අරං එලියට අවා. අනෝරවේ තෙමි තෙමී උන්නේ නෝනා වත්තේ ලයිමේ හිටපු මනුස්සයෙක් කියලා හඳුන ගත්තේ අපේ අම්මා. මොකද අපේ අම්මගේ ගම මේක. ඒ මනුස්සයා අපේ තාත්තා ලඟට ඇවිත් වැඳලා කිවුවේ අනේ මහත්තයා අපට කරදරයක් කරන්න එපා අපි හරි අහිංසක මිනිස්සු. පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. වැස්ස පායනකම් එයාලව මෙහෙන් තියා ගන්න වැස්ස පායපුවම එක්ක යන්නම් කියලා.
අපේ තාත්තා එයාට ගෙට අඬ ගැහුවට ආවේනෑ තව අය කැලේ ඉන්නවා කියලා. තාත්තා මුලින්ම එයාගේ බය අරවලා( තමන්ගෙන් එයාලට අනතුරක් නෑ කියලා තේරුම් කරලා දීලා.) වැස්සේම තෙමි තෙමී ඔහුත් එක්ක ගිහින් අනෙක් අයව එක්කරගෙන ආවා. එතන අත දරුවෙකුයි තව පොඩි ලමයෙකුයි එක්ක මං විතර ලමයෙකුත් හා තරුණ ගෑනු ලමයෙකුත් හිටියා. පවුල් දෙකක්. වැස්සට තෙමිලා හෙම්බත්වෙලා හිටපු පොඩි එවුන්ව අපේ අම්ම පිහදැම්මේ අපිව නාවලා පිහදානව වගේ. අපේ ඇදුම් තමයි අඳින්න දුන්නේ. නමුත් ඔවුන් අපෙ ගෙදර ඉන්න බය වුනා. තමන්ට පහරදුන් අය මෙහෙට එන්න පුළුවන් බවයි ඔවුන් කිව්වේ. උන් කවුද කියලා දන්නවද...? අපේ තාත්තා ඔවුන්ගෙන් ඇසුවා. පිට කිසිවෙක් නොවන බවත් ගමේ මිනිසුන් බවත් ඔවුන් තමන් හොදින් හඳුනන මෙතක් තමන් හා කිසි අමනාපයක් නොතිබුනු අය බව ඔවුන් හැමදෙනම කියාසිටියා. තමුසෙලා කොහේවත් යන්න ඕන නෑ දැන් එලි උනාට පස්සේ ආරක්ෂා තියෙන තැනකට යනකම් මෙහෙ ඉන්නවාලා. මගේ පණ තියෙනකම් මේ වහලයට ඉන්න එකෙකුටවත් අත තියන්න මොකෙකුටවත් බෑ කියමින් කඩුවකුත් අතට අරගෙන දොරකඩින් ඉඳ ගත්තා. ආරක්ෂා සහිත ක්‍රමයක් හොයාගෙන අපේ ගෙදරින් පිට වුනේ ඊට පහුවදාටත් පස්සේ. යන මොහොතේ ඔවුන් අපේ තාත්තට වැන්දා මට හොඳට මතකයි.
දැං බැලුවම මම විතරක් නෙමේ අපේ තාත්තත් ජාතිද්‍රෝහියෙක් වගේ නේද..? හැබැයි මට නම් ඔහු වීරයෙක්. මොකද ඔහු කඩුවක් අතට ගත්තේ ජාතිවාදය කියන මහානර්ඝ වස්තුව රකින්න නෙමේ, අර මනුස්සකමද මොකක්ද කියන බිබික්කම රකින්න. එදා දක්වාම හිතවත්කම් පවත්වපු කෙනෙකුට හරි අසල්වැසියෙකුට හරි ( වරදක් නැතුව) විරුද්ධව අවි ඔසවන්න ගහන්න මරන්න පුළුවන් එකක්නම් ඔය ජාති ආලය, දේශප්‍රේමය,ආගම් වාදය මට ඒක වටින්නේ නෑ තුට්ටුවකටවත් මේ මනුස්සකම විතර. ජාතිය මොක උනත් මම එකට විරුද්ධයි. ඒනිසයි මට දැනුන දේ කිව්වේ. මමත් වැරදියි ඒ ගොල්ලොත් වැරදියි කියමුකෝ. ඒත් අපිට කරන්න තියෙන්නේ සටන්පාඨ කියමින් ඔවුන් කුපිත වෙන අයුරින් හැසිරීම පමණද.......?
මෙතනින් එහාට මම් මේ ගැන කතා කරන්නේ නෑ කොහොමත්ම. මොකද මේක මගේ ගැටළුවක් නොවෙන නිසා. මේ ටික හරි කිවුවේ ඇත්ත තේරුම් ගන්න කෙනෙකුට උදවුවක් වේවි කියලා හිතලා. මේක තමයි ඇත්ත කියලා හිතන්න කාරියක් නෑ ඕං කවුරුවත්. මේ මට හිතුන හැටිම විතරයි. හැමෝටම හිස් හා සිත් තියෙනවා නේ.
...........තම තම නැණ පමණින් දැනගතයුතු............
නිමාවට පෙර
අපිත් මේ දේවල් දිහා වෛරය ක්‍රෝධය මුසුව බලනතාක්කල් ගැටළුව අප සමඟ ඉඳීවි.ඒ නිසා පළමුව අප නතරවී බලමු අනෙක් අය නතරවේද කියා. එහෙම නැතිවෙන එකක් නෑ. මතකනේ අර පහුනු පෝස්ටුවට ආව හඳුනා නොගත් යාළුවා. අප දිගු කරන්නේ සාමයේ හස්තයනම් ඔවුන්ට එය පිලිනොගෙන ඉන්නට බැහැ. එහෙමත් ප්‍රතික්ෂේප වෙනවානම්......... හෙහ් හෙහ් හෙහ්
ඇතැම් අය කියනවා වගේ කාවවත් මේ රටෙන් නෙරපා හරින්න බෑ. පිටවෙයවු කියලා බල කරන්නත් බෑ. මොකද මේරට දැන් හැමොගෙම එකක් වෙලාඉවරයි. කාගෙවත් බූදලයක් නෙමේ අපේරට. සිංහල ද්‍රවිඩ මුස්ලිම් හැමෝගෙම. ඉතින් ඔය කවුරුවත් කියන විදිහට අකුලගෙන පලයවු කිවුවම ඒක කෙරෙයිද...? මූලධර්මවාදයට එරෙහිව නම් කතාකරන්නේ මෙහෙම කතා කියන අය කොතැනද ඉන්නේ...? ඕක තමා පැහැදිලි මෝඩ කම. මේ වෙනකොටත් ඇතැම් අයගේ කතා ඇල් මැරුනු ස්වභාවයක් අරගෙන.ක්ෂනිකයි එපමණයි...!
පසුව ලියමි:
ඉස්සර සංගීත සංදර්ශන හොයාගෙන යන්නේ සරාලා ආස නිසා ටිකක් එලි පහලියේ නටන්න. ඔහොම ගෙහුන් සංගීතේ පේන නොපේනෙන හරියේ තැනක් හොයාගෙන කන් රත් වෙන ෂයිස් එකේ පොඩි සොට් එකක් දාගන්නේ නටන්න පොඩි කික් එකක් ඕන නිසා. හැබැයි ඉතින් ඔහොම කරන එකම පිරිස සරාලගේ ගැන් එක විතරක් නෙමේ. කියන්නේ ඕක ඇතුලේ තවත් ඔහොම මද පවනට සප්පායම් උන අය ගොඩාක් ඉන්නවා. අහේතුවකට හෝ ටිකක් වැඩියෙන් රත්වුන අය අහල පහල ගැවසුනොත් ඒ ගොල්ලෝ කොකු දාගන්නවා. එයාලගේ කොකු අහල පහල නටන සරාලටත් බලපානවා නම් සරාලා ගෙහුන් කියනවා ..... මචං හැමෝම ආවේ නටලා පොඩි ෆන් එකක් ගන්නනේ... අතෑරලා දාපං මචං ඕවා වරෙන් අපි නටමු හැමෝම කොල්ලෝනේ බං කියල... ඔහොම කියන්න ගිය කීප වතාවකම උඹ කවුද හු** මට කියන්න කියලා සරාගේ මූණ පිරෙන්න වැදුනු වෙලාවල් තියෙනවා. අනේ ඉතින් සාමෙන් නටන්න කතා කරලා ගුටි කාලා කොහොමද කියලා ඒකාලේ නම් අපි ගෙදර යනවා අයියේ කියන තැනට අදාල පාර්ශව පත් කොලාට ලියුම් කරු නම් පල්ලම් බහින්නේ තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගත්තාවේ කියලා හිතාගෙන. ඕනවට වඩා නිර්භීත කමත් අනුවනකමක්ය කියලා තේරුම් ගත්දාට හැමෝම සාම මාවතට අවතීර්න වෙන්නේ නැතෑ.